නැවුම් ආරම්භයක්
සෑම තැනකම වාසය කරන චීන ජාතික පවුල් චීන අලුත් අවුරුදු උත්සවය සමරති. මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා චන්ද්‍ර දින දර්ශනය අනුව සිදුවේ. පවුල් එකතු කිරීම සඳහා වූ මෙම කාලය බොහෝ සම්ප්‍රදායන් සමග පැමිණේ. එනම් : සමහර සම්ප්‍රදායන්වලට අනෙකුත් සම්ප්‍රදායන්වලට වඩා ප්‍රමූඛත්වයක් ලැබේ. අලුත් ඇඳුම් මිළදී ගැනීිම සහ ඒවා ඇඳීම, නිවෙස් තරයේ පිරිසිදු කිරීම සහ ගෙවිය යුතු…
වටිනා බලා සිටීමක්
දිගු පැය ගණනක් සහ අසාධාරණ ලොක්කෙක් සමග ආතති සහගත රැකියාවක සිරවී සිටි ජේම්ස්ට එයින් ඉවත් වීමට සිතුණේය. නමුත් ඔහුට උගසක්, බිරිඳක් සහ රැක බලා ගැනීමට කුඩා දරුවෙක්ද සිටියේය. කෙසේ හෝ ඉල්ලා අස්වීමට ඔහු පෙළඹුන නමුත් “දෙවියන්වහන්සේ අපට දෙන දේ කුමක්ද කියා අපි බලාගෙන ඉමු” කියා ඔහුගේ බිරිඳ පැවසුවාය.
මාස ගණනාවකට පසුව ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබුණි. ජේම්ස් තමා කැමති නව රැකියාවක්…
පිළිගෙන සහ අනුමත කර
කුඩා දරුවෙක් වශයෙන් ටෙනීට අනාරක්‍ෂිත බවක් දැණුනි. ඔහු තම පියාගෙන් අනුමැතිය ඉල්ලා සිටියත් ඔහුට එය ලැබුණේ නැත. පාසැලේදී හෝ නිවසේදී හෝ වේවා ඔහු කුමක් කළත් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙනෙන්ට තිබුණි. ඔහු වැඩිහිටි වියට පා තබන විට පවා අනාරක්‍ෂිතභාවය පැවතුණි. “මම හොඳ මදිද?” ඔහු දිගින් දිගටම කල්පනා කළේය.
ටෙනී බොහෝ කාලයක් බලා සිටි ආරක්‍ෂාව සහ අනුමැතිය ඔහුට ලැබුණේ ඔහු…
අන් අය වෙනුවෙන්
කෝවිඞ්-19 වසංගතය අතරතුර බොහෝ සිංගප්පූර් වැසියන් ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා නිවසේ රැඳී සිටියහ. නමුත් මම ඉතා සතුටින් පිහිනීම කර ගෙන ගියේ එය ආරක්‍ෂාකාරී යයි විශ්වාස කරමිනි.
කෙසේ වෙතත් මගේ භාර්යයාව බිය වූයේ පොදු පිහිනුම් තටාකයේදී මට ආසාදනයක් ඇති වුවහොත් එය ඇගේ මහලු මවට සෑදෙයි කියාය. මක්නිසාදයත් අනෙක් ජ්‍යෙෂ්ඨයන්ට මෙන් ඇයටද වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබුණු හෙයිනි. “මා වෙනුවෙන්…
ශුද්ධාත්මයාණන්ගෙන් උපකාරය
මගේ පංතියේ සමහර ශිෂ්‍යයන් හා මම ඉඳහිට විශ්ව විද්‍යාලයේ දේශනා මග හැරියත් අපි සෑම කෙනෙක්ම සෑම විටම මහාචාර්ය ක්‍රිස්ගේ දේශනයට විභාගයට සතියකට පෙර සහභාගී වීමට වග බලා ගත්තෙමු. ඒ ඔහු විසින් සකස් කරන ලද විභාග ප්‍රශ්න පිළිබඳව විශාල ඉඟි ලබා දෙන අවස්ථාව වන හෙයිනි.
මහාචාර්ය ක්‍රිස්ට අවංකවම අවශ්‍ය වුනේ අප හොඳින් විභාගයෙන් සමත් වීම බව මට වැටහෙන තුරු ඔහු එසේ…
සෑම හුස්මක්
ටී උන් ට දුර්ලභ ස්වයං ප්‍රතිශක්තිකරන රෝගයක් සෑදී ඔහුගේ සියලු මාංශ පේශි දුර්වල කර, ඔහු මරණාසන්න වූ විට, හුස්ම ගැනීමට හැකි වීම ත්‍යාගයක් බව ඔහුට වැටහුණි. සතියකට වැඩි කාලයක්, යන්ත්‍රයක් මාර්ගයෙන් සෑම තප්පර කීපයකට වරක් ඔහුගේ පෙනහළු වලට වාතය පොම්ප කිරීමට සිදු වූ අතර එය ඔහුගේ ප්‍රතිකාරයේ වේදනාකාරී අංගයක් විය.
ටී උන් ආශ්චර්යමත් ලෙස සුවය ලබා ඇති අතර අද ඔහු…
ටික් ටික් ඔරලෝසුව
කම්කරුවන් පිරිසක් මිදුණු විලකින් අයිස් කපා අයිස් ගබඩාවක ගබඩා කරමින් සිටියදී ජනේල රහිත ගොඩනැගිල්ලක තම ඔරලෝසුව නැති වී ඇති බව ඔවුන්ගෙන් එක් අයෙකුට වැටහුණි. ඔහු සහ ඔහුගේ මිතුරන් එය සොයන්නට වෙහෙස වූවත් එය නිෂ්ඵල විය.
ඔවුන් සෙවීම අත්හැර දමා පිටවී යනු දුටු තරුණ පිරිමි ළමයෙක් ගොඩනැගිල්ල තුළට ගියේය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් ඔහු ඔරලෝසුව සමග පැමිණියේය. ඔහු එය සොයා ගත්තේ…
දීර්ඝ මාර්ගය
තම හවුල් සේවකයන් එකිනෙකා උසස්වීම් ලබද්දී බෙන්ජමින්ට ඊර්ෂ්‍යාවේ හැඟීම් පහලවීම වළක්වන්නට නොහැකි විය. “ඔබ තවම මැනේජර් කෙනෙක් වුනේ නැත්තේ ඇයි? ඔබ එයට සුදුසුයි”, මිතුරන් ඔහුට කීවේය. නමුත් ඔහුගේ රැකියාව දෙවියන්වහන්සේට භාර දීමට බෙන් තීරණය කළේය. “මෙය මට දෙවියන්වහන්සේගේ සැළැස්ම නම්, මම මගේ රැකියාව හොඳින් කරනවා”, ඔහු පිළිතුරු දුන්නේය.
වසර ගණනාවකට පසු, බෙන් ට උසස්වීමක් ලැබිණ. ඒ වන විට, ඔහුගේ අමතර…
අවදානම් වටයක් යෑම
කෙතරම් වෙලාව නාස්ති කිරීමක්ද? හාලි සිතුවාය. ඇයගේ රක්‍ෂණ ඒජන්ත නැවත හමුවෙමු යයි ඇයට කියා තිබුණි. එය නීරස ව්‍යාපාරික කථාවක් වනු ඇති බව හාලී දැන සිටියාය. නමුත් ඇය ඉන් ප්‍රයෝජනයක් ගන්නා පිණිස ඇයගේ ඇදහිල්ල ගැන කථා කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට කල්පනා කළාය.
ඒජන්තවරියගේ ඇහි බැමි වල පච්ච කොටා තිබෙන බව දැක ඇය පැකීලෙමින් ඒ ගැන අසා දැන ගත්තේ එම කාන්තාව…
එක්සත්කමින් වෙන්වී
ටිම් සමග හවුල් ව්‍යාපෘතියක් කිරීමට ඇල්වින්ට සිදුවිය. එය ඔහුට විශාල අභියෝගයක් විය. ඔහු සහ ටිම් එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන විවිධ මත දැරුවෝය. ඔවුන් එකිනෙකා අනික් කෙනාගේ මතයට ගරු කළද ඔවුන්ගේ එළඹුම් බොහෝ වෙනස් විය. ගැටුම මග හැරිය යුතු යයි දෙදෙනාටම සිතුණි. ගැටුම මතුවීමට පෙර දෙදෙනා තම නායකයා සමග ඔවුන්ගේ වෙනස් මත කථා කර ගැනීමට තීරණය කළෝය. ඔහු ඔවුන්ව වෙනස්…